අතුරුදහන් කිරීම වැළැක්වීමේ පනත අතුරුදහන් වෙන්න දෙන්නේ නැහැ - මනෝ ගන්නේෂන්

අතුරුදහන් කිරීම වැළැක්වීමේ පනත අතුරුදහන් වෙන්න දෙන්නේ නැහැ - මනෝ ගන්නේෂන්
අතුරුදහන් කිරීමේ අපරාධය මේ රටින් අතුගා දැමීම පහසු කටයුත්තක් නොවන නමුත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත් වීම සිදු කරන බවයි මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ. පසුගිය ආණ්ඩුව සමයේ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ සටනේ තමන් ඉදිරියෙන් සිටි බවත් තමන් සමඟ සිටි සගයන් කිහිපදෙනෙක් අතුරුදහන් වූ බවත් තවත් කීපදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණු බවත් හෙතෙම පැවසීය. එහෙත් සටන අත්නොහැරි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
 
මේ වන විට අතුරුදහන් කිරීම් වළක්වා තිබුණද පසුගිය කාලයේදී අතුරුදහන් වුවන් පිළිබඳ කරුණු අනාවරණ කරගත යුතු බව හෙතෙම  අවධාරණය කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා , දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා ඇතුළු නියෝජිතයන් හා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment