දසුන් ශලනි පෙම් කතාව මරණ පරීක්ෂණයේදී හෙළිවේ අලුත් පෙම බිඳී අසරණවූ දසුන් මේ තීරණය ගත්තාද?



දසුන් ශලනි පෙම් කතාව
මරණ පරීක්ෂණයේදී හෙළිවේ

අලුත් පෙම බිඳී අසරණවූ දසුන් මේ තීරණය ගත්තාද?

පෙරේදා (25) පන්නිපිටිය බෝඩිං කාමරයකදී ගෙළ වැළලාගෙන මියගිය ටෙලි නාට්‍ය නළු දසුන් නිශාන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) සවස පැවැත්වුණ අතර එහිදී ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේතාක් අනාවරණය නොවූ කරුණු රැසක් හෙළි වී තිබේ.
මෙම මරණ පරීක්ෂණය සඳහා ටෙලි නළු දසුන්ගේ මව සහ විවාහ ගිවිසගෙන සිටින ගුරුවරියකවූ බිරිය සහභාගී වූ අතර දෙදෙනාම පවසා සිටියේ මියගිය දසුන් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි ශලනි තාරකා සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බවත්
ඒ තුළ ඇතිවූ කිසියම් ගැටලුවක් මත කලකිරී දිවි තොරකරගන්නට ඇති බවත්ය.
කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය ප්‍රසාදිනි සෙනරත් මහත්මිය හමුවේ දසුන් නිශාන්(29)ගේ මව වූ ලලිතා ස්වර්ණ කුමාරි හේරත් මෙසේ පවසා සිටියාය.

“මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. මට තවත් පුතෙක් ඉන්නවා.

ඔහු උසස් පෙළ විභාගය අවසන්කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ. දසුන් රංගන ශිල්පියකු හැටියට කටයුතු කළත් ඔහු පරිගණක ඉංජිනේරු උපාධියක් ලබා තිබෙනවා. ඔහු රංගන ශිල්පයට ආස කළ නිසා මම ‍පොඩි පුතා සමග නිට්ටඹුව, කන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටියා.
ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සමග මීට වසර 2 කට විතර උඩදී විවාහ වී සිටියේ. ඒත් පුතා ඇය නිවසට කැන්දාගෙන ආවේ නෑ. ටික කාලයක් ඇගේ නිවසේ පදිංචිව සිටියා.පසුව ලොකු පුතා පිළියන්දල බෝඩිමක නතරවෙලා රංගන කටයුතු කළා.

ලොකුපුතා පසුගිය දිනවල මට දුරකථනයෙන් කතාකර පවසා සිටියේ ශලනි කියලා නිළියක් සමග සම්බන්ධතාවක් තියෙනවා. ඇයව බඳින්න අවශ්‍ය බව. එහෙත් පුතාගේ එම යෝජනාව මම ප්‍රතික්ෂේප කළා. එයා දැනටමත් විවාහවී සිටියේ. මම පුතාට අවවාද කළා එහෙම කරන්න එපා කියලා.

පුතා අවසන් වරට නිට්ටඹුව නිවසට ආවේ පසුගිය 17 වෙනිදා. ඉන් පසු කිහිප වතාවක්ම දුරකථනයෙන් කථා කළා. ඒත් වෙනසක් මා දුටුවේ නෑ. ප්‍රශ්නයක ඉන්න බව මට ඇඟෙව්වෙ නම් නෑ.
එහෙත් පුතා බෝඩිමේදී මෙහෙම සියදිවි නසාගෙන ඇතැයි පසුව ආරංචි වුණා.”

දසුන් නිශාන්ගේ විවාහක බිරිය සංදීපනී රණතුංග මෙසේ කියා සිටියාය.

“මගේ ගම ගිරිඋල්ල.මම ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්. මම කුඩාකාලයේ සිටම දසුන් අඳුනනවා. වසර 13ක ප්‍රේම සබඳතාවකින් පසු දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද අපි විවාහ ගිවිස ගත්තේ මීට අවුරුදු දෙකහමාරකට කලින්.ඔහු මාව කැන්දන් ගියේ නෑ. නමුත් එහෙම කරන්න ඉදිරියේදී සැලසුමක් තිබුණා.

 පසුගිය ජනවාරි මාසයේ සිට ශලනි තාරකා නිළිය එක්ක සබඳතාවක් තිබෙන බවට දසුන්ගෙන් දැනගත්තා. ඔහු එය පිළිගත්තා. නමුත් ඔහු මාව අතහැරියේ නෑ. මා සමගත් දිගටම සම්බන්ධය තබාගෙන සිටියා.මං මේ ප්‍රශ්න ගැන දසුන්ගේ අම්මාට කිව්වාම ඇයත් කථා කර තිබුණා.


ඒ කාලයේ ශලනි මට දුරකථනයෙන් කතා කර ඇය දැන් සිටින්නේ දසුන් සමග බවත්, දසුන්ව ඇයට අවශ්‍ය බවත් පැවසුවා. එහෙත් මම දසුන්ට බොහෝ සෙයින් ආදරය කළ නිසා ඉවසුවා ඒ නිසා විවාහ ජීවිතය මේ වනතුරු රැකගෙන ආවා. නමුත් අවසන් කාලයේ සිදුවූ දේ හරියටම දන්නෙ නෑ.

සිද්ධිය වූ දිනයේ සැමියාගේ මිතුරෙකු වන ප්‍රසන්න සැමියාට කරදරයක් බව දුරකථනයෙන් කියන තුරු මේ ගැන දැන සිටියෙ නෑ. ඔහු දසුන් මියගිය බව පැවසුවාම මං කෙලින්ම කථා කරේ ශලනිට. ශලනි ඔහු මියගිය බව තහවුරු කළා. පසුව සැමියාගේ මවට මා දැනුම් දුන්නා.

මේ මරණය ඔහුම කරගන්න ඇති. ඒ ගැන සැකයක් නෑ.අනියම් ඇසුර පැවැත්වූ ශලනි සමග ඇතිවූ කිසියම් කථාබහක් නිසා සිත්තැවුලෙන් මේ කරදරේ කරගන්න ඇති කියල තමා මං හිතන්නේ.‘

මෙම මරණය තමන් විසින් ගෙල සිරකරගෙන සියදිවි හානිකර ගැනීමක් බව හදිසි
මරණ පරීක්ෂකවරිය තීරණය කළාය.

දසුන්ගේ මරණය සිදුවූ සැප් 25 වන දිනයේ ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ ෆේස් බුක් පිටුව උදෑසනින්ම තාවකාලික අත්හිටුවීමකට (ඩිඇක්ටිවේට්) ඇය විසින් ලක්කර තිබුණ අතර පසුව සවස් වනවිට නැවත සක්‍රීය කර
‘දරාගන්න කියාදෙන්න ඇවිත් යන්න එන්න දෙයියනේ‘
සටහන තබා තිබුනේ සිද්ධිය තවත් එක් මිතුරෙකුට සිදුවූ සිද්ධියක් ලෙස හැඟවෙන ආකාරයටය.

ලැබී ඇති සාක්ෂි අනුව පෙනී යන්නේ මියගිය දසුන් සහ ශලනි අතර ඇතිවූ පෙම් ගැටලුවක් මත හෝ ඇය ඔහු හැරයාමක් මත කලකිරීමෙන් මෙම දිවිනසාගැනීම කළ බවකි. ඉතා අපහසුවෙන් කට්ට කාගෙන තැනකට ආ හැටි ඔහු පසුගිය කාලයේ පුවත්පතකට විස්තර කර තිබුණි. අර්ථික වශයෙන්ද අඩුපාඩුවක් නැතිව ජනප්‍රියතාවයද ඇතිව විවාහකව සිටි නළුවෙකුවූ දසුන් පසුගිය මාස 9 ක කාලයේ ඇතිවූ ජීවිත වෙනස්වීම මේ අවාසනාවන්ත ඉරණම වෙත ඇද දමා තිබේ.
පහත පළවන්නේ පේලි කිහිපයකින් තමන්ගේ කලකිරීම දසුන් සටහන් කර තිබුණ අවසන් ලිපියයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment