ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා දියුණු කිරීමට ආරාධනාවක්!

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා දියුණු කිරීමට ආරාධනාවක්!

මණ්ඩලික සාමාජික සිද්ධික් එම් පාරුක්. ප්‍රවීන කලා ශීල්පී ජයතිලක බණ්ඩාර. මාධ්‍යවේදී පිලිප් ශාන්ත. මාධ්‍යවේදී බිසෝමැණීකේ ගේරෝ යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.

කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක චුලාභය ශාන්ත කුමාර හේරත් මහතාය.

කමිටුවේ පළමු රැස්වීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. එහිදී අදහස් දැක්වු සංස්ථා සභාපති නිතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා රජරට. රුහුණ සහ කදුරට ප්‍රාදේශීය සේවා පුර්ණ ප්‍රතිසංවිධානය සදහා වු යෝජනා හා නිර්දේශ කමිටුව අපේක්ෂා කරන බව පැවසීය.

අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ප්‍රාදේශීය සේවා ආරම්භ කළ පසු ඒවායේ කාර්යය සමාලෝචනය සදහා කමිටුවක් පත්කළ පළමු අවස්ථාව මෙය බවයි. කමිටුව මහජන විද්වත් හා සේවක සේවිකා අදහස් විමසමින් වර්තමාන මාධ්‍ය උපමානයන්ට ගැලපෙන අයුරින් යෝජන ඉදිරිපත් කිරීමට ක්‍රියාකරන බව. කමිටුවේ සභාපති එම්. ජේ. ආර්. ඩේවිඩ් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පුරා විහිදී ගිය ප්‍රදේශීය ගුවන් විදුලි ජාලයක් සහිත එකම ආයතනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වන අතර ජනතා හිතවාදී කතිකාවක් ගොඩ නැගෙන ආකාරයට පොදු ජනතාවගේ හඬ සන්නිවේදනය කරීමටත්, රසඥයතා ම්ට්ටම් ඉහළ නංවාලීමටත් සක්‍රීයව මැදිහත් වන්නැයි ප්‍රාදේශීය සේවා ප්‍රතිසංවිධානය සදහා කමිටුව අසන්නන්ගෙන් සහ මාධ්‍ය විද්‍යාර්ථීන් ගෙන් ඉල්ලා සිටී.

මෙම කමිටුව අදහස් එක් රැස් කර ගැනීමේ සංවාද මණ්ඩප කොළඹ, මහනුවර, මාතර, සහ අනුරාධපුර නගරවල දී පවත්වනු ඇත. මෙම සංවාද මණ්ඩප පැවැත්වෙන දින ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.


ඔක්තෝබර් මස 31 වෙනි දිනට පෙර ලේකම්. ප්‍රාදේශිය සේවා ප්‍රතිසංවිධාන කමිටුව. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. නිදහස් චතුරශ්‍රය. කොළඹ 07 යන ලිපිනයට ලිඛිත අදහස් ඉදිරිපත් කරන්නැයි කමිටුව ඉල්ලා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment