ජනපතිගේ කතාව රටේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - මහින්ද සමරසිංහ

ජනපතිගේ කතාව රටේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - මහින්ද සමරසිංහ


මහකොමසාරිස්වරයාගේ කතාවට පිළිතුරක් ලෙස, තිස් අවුරුදු යුද්ධයකින් පසු ඉතා අපහසුවෙන් ගොඩනගා ඇති දේශපාලන,ආර්ථික හා සමාජීය ස්ථාවරභාවය ඉක්මන්  ගමනකින් අස්ථාවර කර ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා විසින් සිය කතාවේදී සඳහන් කිරීම ඉතා වැදගත් වූ බව හෙතෙම කියා සිටියේය. ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරි ගමන ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අවධාරණය කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ පළමු දිනයේදීම සභාව ඇමතීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් වූ අතර බොහෝ රටවල් වලට එම අවස්ථාව අහිමි වනබව හෙතෙම ප්‍රකාශ කළේය. එම අවස්ථාව අපේ ජනාධිපතිවරයට හිමි වූයේ මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ ජාත්‍යන්තරය තුළ ගොඩනැගී ඇති ප්‍රසාදය පෙන්නුම් කිරීමක් ලෙස  බව සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment