ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 80 දශකයේ වාර්තාවක් හඹා යයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 80 දශකයේ වාර්තාවක් හඹා යයි
තරග 05 කින් සමන්විත තරගාවලිය මේ වනවිට ද 3-0 ක් ලෙස පකිස්තානය ජයගෙන ඇති අතර අවසන් වූ තරග 03 ත් සමගින් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා එක්දින තරග 10 ක් පරාජයට පත්ව තිබේ. 
 
ජුලි අටවැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හම්බන්තොටදී ලැබූ පරාජයේ පටන් සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ තරග 02 ක්, ඉන්දියාව ඉදිරියේ තරග 05 ක් සහ පකිස්තානය ඉදිරියේ තරග 03 ක් පරාජයට පත්ව තිබේ.
 
මීට පෙර ශ්‍රී ලංකාව එකදිගට වැඩිම පරාජයන් ලබා ඇත්තේ අසූව දශකයේදීය. 1987 ජනවාරි 11 වැනිදා සිට 1988 ජනවාරි 10 දක්වා හරියටම වසරක කාලය තුළදී තරග 14 ක් පරාජයට පත්ව තිබේ. ඒ ඉන්දියාවට එරෙහිව තරග 04 ක්, එම වසරේ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ තරග තරග 06, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියා තුන්කොන් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව තරග 02 බැගින් වශයෙනි.
 
මෙම පරාජයන් වැල එතරම් ගැටලුවක් නොවන්නේ අසූව දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා වර්ධනය කරගනිමින් සිටි බැවිනි. එහෙත් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ හිනිපෙත්තටම නැගි ශ්‍රී ලංකාව නැවත පල්ලම් බසිමින් සිටී.
 
මෙම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර මේ වනවිට දක්වන දක්ෂතා අනුව 80 දශකයේ පිහිටවූ වාර්තාව අභිබවා යාමට ඔවුන්ට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.
 
උපාලි සපරමාදු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment