හැම මාසෙකම පැය කිහිපයකට රට යන ඇමතිවරයා ගැන විමර්ශනයක්


හැම මාසෙකම පැය කිහිපයකට රට යන
ඇමතිවරයා ගැන විමර්ශනයක්


මසකට වරක් එක්දිනකට පමණක් ඉන්දියාවට ගොස් එන කැබිනට් අමාත්‍යවරයකුගේ කටයුතු ගැන රාජ්‍ය තාන්ත්‍රික විමර්ශනයක් සිදුවන බවට සතිඅන්ත දේශය පුවත්පත වාර්තා වක් පළ කර තිබේ.
තම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් පසුගිය වසර ගණනාවක් තිස්සේ සෑම මාසයකම ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් පැය කිහිපයක් එහි ගත කොට
නැවත පැමිණීමට මෙම

ඇමතිවරයා කටයුතු කර ඇති බවත් රාත්‍රී කාලයේ කටුනායකින් පිටත්වන ගුවන් යානයකින් චෙන්නායි වෙත ගොස් මොහු පසුදා දහවල් ගුවන් යානයකින් නැවත මෙරටට පැමිණීම කවර අරමුණකින් සිදු කරන්නේද යන්න ගැටලු සහගත බව වාර්තා වේ.

මෙම චාරිකා ගැන එරට රජය හෝ තානාපති අංශ දැනුවත් නොකරන නිසා ආරක්ෂාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා මත රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගැටලු පැනනැගීම මෙම විමර්ශනයට හේතුවයි.
පෞද්ගලික චාරිකාවක් ලෙස මෙය සිදු කරන නමුත් නිල වශයෙන් අදාළ රට දැනුවත් කිරෟම කළයුතු වුවද එය සිදු කර නැත.

මෙම ගමන රහස් ගමනක් ලෙස බොහෝ විට තනවිවම සිදු කර ඇති බවත් ඇතැම් අවස්ථාවල ඔහුගේ ගමන් සඳහා එක් සහායකයකු සහභාගි වී ඇති බවද හෙළිව තිබේ.
කඳුරට පළාතක් නියෝජනය කරන පක්ෂ නායකයෙකු වන මොහු පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූවෙකු මෙන්ම සෑම රජයකම ඇමති ධූර දරන අයෙකු ලෙසද එම පුවතින් විස්තර කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment