විමල් ගම්මන්පිල ඒකාබද්ධයෙන් කැපේ


එළඹෙන මැතිවරණවලදී විමල් වීරවංස මහතාගේ සහ උදය ගම්මන්පිල මහතාගේ පක්ෂ සමග කටයුතු නොකළ යුතු යැයි මහින්ද පිලේ සමහර නායකයන් දරන මතය නිසා මහින්ද පිල තුළ අර්බුදයක් මතුව ඇතැයි වාර්තා වේ.

මහින්ද පිල ජාතිවාදී නොවිය යුතු බවත් ඒ නිසාම ජාතිවාදයට වැඩිපුර කර තබා කටයුතු කරන ඉහත පක්ෂ දෙක මහින්ද පිල තුළින් ඉවත් කර මහින්ද පිල මත වැටී ඇති ජාතිවාදී කළු පැල්ලම ඉවත් කරගත යුතු බවද බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ මහින්ද පිලේ ඉහළ නායකත්වයේ අදහස බව වාර්තා වේ.

එම ස්ථාවරයේම දිගුවක් ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරය සම්බන්ධයෙන්ද විමල් වීරවංස මහතා සහ උදය ගම්මන්පිල මහතා කනස්සල්ලෙන් පසුවනබව පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල හා මහින්ද පිල අතර ශ්‍රීලනිපය නැවත එකතු කිරීමේ සාකච්ඡාවේදීද ශ්‍රීලනිපය ඉදිරියට ජාතිවාදී ස්වරූපයකින් වැඩ නොකළ යුතු බවට යෝජනා වී ඇතැයිද එම තත්වය තුළ ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල සහ මහින්ද පිල නැවත් එකතු වුවහොත් එහිදීද විමල් වීරවංසට සහ උදය ගම්මන්පිලට ශ්‍රීලනිපය සමග සන්ධාන ගතවීමේ අවස්ථාව මගහැරී යනු ඇතැයිද දැනගන්නට ඇත.

මෙම තත්වය මත දැනටමත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සංවිධානය වන මහජන රැස්වීම්වලදී ඉහත පක්ෂ දෙකෙහි ක්‍රියාකාරකයන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවද දැනගන්නට ඇත.

මූලාශ්‍ර රාවය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment