'මගේ වීඩියෝ එක මීඩියාවලට ලීක් කළේ මංගල' - පොලිස්පති කියයි

'මගේ වීඩියෝ එක මීඩියාවලට ලීක් කළේ මංගල' - පොලිස්පති කියයි
'මං දන්නවා මේක පිටිපස්සෙ ඉන්න අය. මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම මංගල සමරවීර ඇමතිතුමාට ලබාදුන්නෙ හෙඩ් ක්වාර්ටස්වල සීනියර් ඩීඅයිජී කෙනෙක්. පස්සෙ මංගල එයාගෙ කෝඩිනේටින් සෙකට්‍රි කෙනෙක් හරහා ඒක තවත් පිටරට ඉඳන් ක්‍රියාත්මක වෙන වෙබ් අඩවියකට දීලා තියනවා. (එකී සම්බන්ධීකරණ නිළධාරියාගේ හා අදාල වෙබ් අඩවියේ නම ද පොලිස්පතිවරයා සඳහන් කර ඇත) මුං සේරම එක්කහු වෙලා බලන්නෙ මාව එලවන්න. එව්වා කොහෙද ? ජනාධිපතිතුමයි අගමැතිතුමයි මාව සීයට සීයක් ආරක්ෂා කරනවා' යනුවෙන් කෝපයෙන් කෑගසා ඇති පොලිස්පතිවරයා පසුව හඬාවැටීමට ආසන්න ලෙස පවසා ඇත්තේ 'ඕගොල්ලො සේරම ඒ ක්ලිප් එක දැක්ක නේ ? ඒකෙ මං සමරකෝන් බණ්ඩාට ගහනවද ? කොලර් එක පොඩ්ඩක් අල්ලනවා විතරයි. අනික මම අර කාන්තා නිළධාරිනියව දූෂණය කරනවා කිව්වද ? (එම අවස්ථාවේ ඇය ද එම රැස්වීමේ සිට ඇත) මං කිව්වෙ උඹටත් මං කෙලවනවා කියලා. දැං මේ සේරම එක්කහු වෙලා මට කෙලවන්න නේ හදන්නෙ. ඒ කියන්නෙ මාව දූෂණය කරනවා කියන එක නෙවෙයි නේ' කියාය.
 
පොලිස්පතිවරයා උක්ත මාතෘකාව පිළිබඳව කතාකිරීමට පටන් ගනිත්ම පසු අසුනක සිටි පොලිස් නිළධාරියෙකු 'කෙලියා තාප්පෙට' යනුවෙන් පැවසීම නිසා පොලිස් නිළධාරීන් සියලුම දෙනා පාහේ සිනහ වී ඇති අතර පොලිස්පතිවරයාට ද සිනහව නතර කරගැනීමට නොහැකි වී ඇත.
 
අදාල සිදුවීම පිළිබඳව, සිද්ධිය සිදු වූ විගස වාර්තා කරන ලද්දේ 'ලංකා නිවුස් වෙබ්' අඩවියයි. සමස්ත සිදුවීමේ CCTV දර්ශන අප සතු වුවද අප විසින් මුදාහරින ලද්දේ සංස්කරණය කරන ලද කොටසකි. අප එසේ කරන ලද්දේ ඉදිරියේදී ගැනීමට නියමිත නීතිමය ක්‍රියාමාර්ග සඳහා එය බාධකයක් නොවීම සඳහාය. අපගේ නීතිඥ සහායෙන් සමරකෝන් බණ්ඩා විසින් පොලිස් කොමිසමට සිදුකරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අප තවදුරටත් විමසිල්ලෙන් බලා සිටින්නෙමු.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment