මහින්ද තංගල්ල බන්ධනාගාරයට.


හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා ගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) පෙරවරුවේ තංගල්ල බන්ධනාගාරයට  ගියේය. ශිරන්ති රජපක්ෂ මහත්මිය හා රෝහිත රාජපක්ෂ මහත්ම මහත්මීහු හිටපු ජනාධිපතිවරයා සමග මේ අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී  මාධ්‍යට අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ''මෙරටේ සම්පත් විකුණන එකට විරෝධය පාපු අය අද සිරගත කරලා තියෙනවා. මේ විකුණන්න හදන්නේ වරාය, ගුවන්තොටුපොළයි. ඒ නිසා මෙරටේ ජනයාට අයිතියක් තියෙනවා මේ වට විරුද්ධව නැගී සිටින්න. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීවත් මේවට විරුද්ධව සටන්කළා කියලා අත්අඩංගුවට ගත්තේ නැහැ.

මේ වනවිට මෙරටේ ආරක්ෂාව උඩු ගුවන තුළපමණයි. ඒකත් විකුණනවානම් එය රටේ ආරක්ෂාවට තර්ජනයක්. දැන් මේ රටේ අහස පොළොව දෙකම විකුණා දැමීමට මේ රජය කටයුතුකරනවා.

අද උතුරේ නීතියක් නෑ ,උතුරේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ උතුරට ඕන විදියටයි . ඡන්දය ගන්න ඕන නිසා ඕනෑම දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්නවා. මේක තමයි නිදහස කියන්නේ.මෙහෙ හිරගතකරලා ඉන්නේ අහිංසක මිනිස්සු. මුස්ලිම් දරුවන්,පාසල් දරුවන් හා අහිංසක අම්මලා මෙහි ඉන්නවා. මේවා සහගහන අපරාධ’’ යැයි ද  පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment