කොළඹට එජාපයෙන් රෝසි - ශ්‍රිලනිපයෙන් ෆේරියල් - පොහොට්ටුවෙන් ගෝටා.

ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බලාපොරොත්තු වන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ප්‍රධාන පක්ෂ මේ වනවිට සිය අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී නිතැතින්ම කොළඹ නගර සභාවට වැදගත් ස්ථානයක් හිමිවන අතර මෙවර ප්‍රධාන පක්ෂවලින් කොළඹ නගර සභාවේ පුරපතිධූරය සඳහා ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියට පුරපති අපේක්ෂකත්වය ලබාදීමට සූදානම් වන අතර ඒ සම්බන්ධයෙන් කලෙක පටන් කතාබහට ලක්විය. මීට අමතරව ශ්‍රීලනිපයෙන් හිටපු ඇමතියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වේ. ඒ සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීම් ගණනාවක් ලැබී තිබේ. කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයා නගරාධිපති අපේක්ෂකධූරය භාරගැනීමට එතරම් කැමැත්තක් නොදක්වන අතර එයට හේතුවී ඇත්තේ කොළඹ නගර සභාවේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැතිවීමයි.

කොළඹ නගර සභාව එජාප බලකොටුවක් ලෙස සැලකෙන අතර ආණ්ඩු බලය ද එජාපය සතුවන නිසා කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීම ඔවුන්ට එතරම් අභියෝගයක් නොවනු ඇත. එසේම කොළඹ නගර සීමාවේ සුලු ජාතීන් බහුතරයක් ජීවත් වීම ද ගෝටාභය රාජපක්ෂ මහතාට අවසියක් වනු ඇත.

මීට පෙර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ලෙස, හිටපු නගරාධිපතිවරයෙකු ද වන ඕමාර් කාමිල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානම්ක පැවති අතර ගෝටාභය රාජපක්ෂ මහතා ද පවසන්නේ ඔහු නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළයුතු බවයි. එය බොහෝදුරට තමන් ලබන නියත පරාජයෙන් ගැලවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කරන යෝජනාවක් වියහැකිය. කෙසේ වෙතත් රාජපක්ෂ හිතවාදීන්ගේ අදහස වී ඇත්තේ ගෝටාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ඉදිරිපත් වියයුතු බවයි. ඕමාර් කාමිල් මහතා එජාප හිතවාදියෙකු බවත් එය මැතිවරණයේදී තමන්ට අවාසියක් වියහැකි බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment