පාසලේදී ඇද වැටුණ සෙන් පීටර්ස් 4 ශ්‍රේණියේ සිසු දරුවා රෝහලේදී මරුට


පාසලේදී ඇද වැටුණ
සෙන් පීටර්ස් 4 ශ්‍රේණියේ සිසු දරුවා 

රෝහලේදී මරුට

බමබලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු පෙරේදා (21)
පාසල් ඇරී පන්ති කාමරයේ සිට අනෙක් සිසුන් සමග උඩු මහළකින් පහළට බසිද්දී පඩි පෙළක ඇද වැටී රෝග තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවේ.
මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි
චන්ද්‍ර මොහාන් විසිදන් (10) නමැති පාසල් සිසුවෙකි.

සිද්ධිය වූ දින දහවල් ඔහු සිසුන් සමග එද්දී කිසියම් රෝග තත්වයක් නිසාදෝ බිම වැටුණ බවත් එම අවස්ථාවේ ඔවුන් පැමිණියේ පෝලිම් ගැසී පෙළකට බවත් සිද්ධිය ගැන අදහස් දක්වන ගුරුවරියක දන්වා තිබේ.
හදිසියේ රෝගාතුරවි බිම ඇදවැටීමෙන් පසු දකුණු කොළඹ (කළුබෝවිල) රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම රාත්‍රියේ ඔහු මියගොස් ඇත.
 පාසලේ කටයුතු නිමාවීමේන් පසු උඩුමහලේ සිටි බිම් මහලව බැසීම සඳහා අනෙකුත් සිසුන් සමඟ පෝලිමක ගැසී සිටියදී චන්ද්‍ර මොහන් නමැති සිසුවා එක්වරම් බිම් ඇද වැටෙනු දුටු පාසලේ පන්තිභාර ගුරුවරිය සිසුවා ඔසවා පුටුවක වාඩිකර වහාම පාසලේ වෛද්‍ය මධ්‍යස්ථානය භාරව සිටින ගුරුවරයාට දැනුම් දී ඇත. එම්. ගුරුවරයා පැමිණ රෝහලකට ගෙන යාමට ගිය අවස්ථාවේ “මට කිසිම අමාරුවක් නැහැ සර්’ කියා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කර ඇත.

එසේ කියා තරප්පු පෙළ දිගේ නැවත බිම් මහලට ඔහු ගමන් කළ බවත් එම අවස්ථාවේ යළිත් වරක් බිම ඇදවැටී සිසුවා දැඟලිමට පටන්ගෙන ඇති බවත් වාරතාවී ඇත.
සිසුවා වාහනයකින් කළුබෝවිල රෝහලට ඇතුළත් කරන්නට කටයුතු කර ඇත්තේ එම අවස්තාවේය.
 ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත්‍රී 9.25ට පමණ ඔහු මියගිය බව රෝහල දැනුම්දී ඇත.
 මියගිය සිසුවාගේ මව සිංගප්පුරුවේ රැකියාවක නිරතව සිටින අතර පියා ත්‍රීරෝද රථ රියැදුරෙක් යැයි පොලිසිය සඳහන් කරයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
පොලිසිය වැඩිදර පරීක්ෂණ සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment