'තෙල් මාෆියාවක් තිබෙනවා'


වර්තමානයේ තෙල් මාෆියාවක් ඇති බවත්, තමන් එයට ඉඩ නොදෙන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2018 වසර සඳහා වූ සාමූහික ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“අද තෙල් මාෆියාවක් තියෙනවා. වෙනම කණ්ඩායමක් ඉන්නවා මේ තෙල්වලින් මුදල් හම්බකරන. මම ඒවා වෙනස් කරනවා. මම මේ පුටුවෙ ඉන්නකම් ජනතාවගේ සල්ලි හොරකම් කරන්න දෙන්නේ නැහැ. එය කරන්නේ ආයතනයේ සුබසාධනය ගැන හිතල. ආයතනයට නරකක් වෙන කිසිම දෙයක් මම කරන්නෙත් නැහැ. කරන්න දෙන්නෙත් නැහැ.

මම අමාත්‍යවරයා ලෙස ඉන්නා විට මේ ආයතන විකුණන්න දෙන්න බැහැ. මගේ ප්‍රතිපත්තිය තමයි රජයේ දේපළ ආරක්ෂා කරන එක. නමුත් අපිට එය නිකම් කරන්න බැහැ. අපි අපේ ආයතන පාඩු අඩු කරගෙන ඉහළ තත්ත්වයකට ගෙන ආ  යුතුයි. රටක් හැටියට මේ ආයතන ලාභ ලබන ආයතන ලෙස පත්කරනවාද නැත්නම් මහජන සේවා ආයතන ලෙස දියුණු කර පාඩුව අවම කරගැනීමට කටයුතු කරනවාද යන්න පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුය” යැයි අමාත්‍යවරයා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment