සීමා නිර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක්

සීමා නිර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව ඡන්දදායකයන් 06 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව එල්.ටී.ඩී. දෙහිදෙනිය, ශිරාන් ගුණරත්න සහ කුමුදුනී වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසන්නේ ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සඳහා මෙය බාධාවක් කර නොගන්නා බවත් ජනාධිපතිවරයා මේ වනවිටත් මැතිවරණය පැවැත්වීම සඳහා උපදෙස් දී ඇති බවත් ඇමතිවරයා පවසයි.  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment