විධිමත් කලමනාකරණය නිසා ක්ෂය රෝගය පාලනය කරන්න හැකි වුනා - රාජිත සේනාරත්න

විධිමත් කලමනාකරණය නිසා ක්ෂය රෝගය පාලනය කරන්න හැකි වුනා - රාජිත සේනාරත්න
එහිදී ක්ෂය රෝගය තුරන් කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරිම යන තේමාව යටතේ පැවැති සැසිවාරයේදී දොස්තර රාජිත සේනාරත්න මහතා සිය දේශනය සිදුකළ අතර එහිදී ඔහු අවධාරණය කළේ විධිමත් කළමනාකරණය හේතුවෙන් ක්ෂය රෝගය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීමට හැකි වූ බවයි.
 
රෝහල් තුළ සිදුවන මරණවලින් 70% ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ බව පෙන්වා දුන් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන් බහුතරයක් දියවැඩියා රෝගය හේතුවෙන් සිදුවන මරණ බවයි. මේ වනවිට කලාපය තුළ ඉහළ මට්ටමක සෞඛ්‍ය සේවාවත් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බවත්, විධිමත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් යටතේ ඉතා ඉහළ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 
සමුළුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,
 
'මගේ රට තුල දශක ගණනාවක සිට විශ්වීය සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනවා. මුලික සෞඛ්‍ය පහසුකම් සැපයීමට ප්‍රමාණවත් මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. රජය මැදිහත්ව සෞඛ්‍ය සේවාව නොමිලේ ක්‍රියාත්මක කරන අතර, පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ද ක්‍රියාත්මක වනවා. විධිමත් කළමණාකරණය තුලින් පසුගිය වසර කිහිපය පුරා ක්ෂය රෝගය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුල ද ක්ෂය රෝගය අභියෝගයක්.'
 
'රජය මගින් ස්ථාපිත කර ඇති සුවනාරි සහ සුවදිවි ම්‍යස්ථාන මගින් ශරීර ස්කන්ධ දර්ශකය, රුධිර පීඩනය, රුධිරයේ ඇති සීනි ප්‍රමාණය, පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා ආදිය ද පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබෙනවා. තරබාරුව ද අප මුහුණ දී තිබෙන තවත් ගැටලුවක්. විශේෂයෙන්ම දරුවන් අතර මෙම තත්ත්වය දක්නට ලැබෙනවා. අයහපත් ආහාර පුරුදු මීට ප්‍රධාන හේතුවක්. තරබාරුවෙන් ජනතාව බේරා ගැනීම සදහා පැණිබීම වර්ග සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දුන්නා. තව ද බදු ක්‍රමයක් ද හදුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. සීනි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය පහළ යාමට එය හේතුවක් වනවා. එමෙන්ම වයස  අවුරුදු 2-5 අතර දරුවන් අතර අඩු බර ද ගැටලුවක්. එය පාලනය කිරීම සදහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය තුලින් පවුලේ ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණයට ද බලපෑම් එල්ල වී තිබෙනවා. එම නිසා මන්දපෝෂණය වැළැක්වීම සදහා ගර්භනී මවුවරුන්ට, මවුවරුන්ට සහ ළදරුවන්ට පෝෂණ ගුණයෙන් පිරි ත්‍රිපෝෂ ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. දුම්කොල භාවිතය ද තවත් ගැටලුවක්. දුම්පානය හේතුවෙන් වසරක දී පුද්ගලයින් 20,000 ක් පමණ මිය යනවා. එය වැළැක්වීම සදහා බදු පැනවීම, දුම්වැටි පැකට් තුල රූපමය අවවාද ප්‍රදර්ශණය කිරිම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. තවද වසර 2020 වනවිට දුම්කොල වගාව සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.'
 
'සෞඛ්‍ය සේවය යටතේ බෝනොවන රෝග පාලනය කිරිම සදහා රජය අවධානය යොමු කර තිබෙනවා. බෝනොවන රෝග ලක් රජයට ද විශාල අභියෝගයක්. සෞඛ්‍යට සහ අධ්‍යාපනයට රජයේ අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සම්පුර්ණයෙන්ම පාලනය කරන්නේ රජය විසිනි. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම සෞඛ්‍ය රක්ෂණාවරණයක් හදුන්වා දී තිබෙනවා. මෙවර අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ටත් එම රක්ෂණාවරණය ලබාදීමට යෝජනා කර තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවැති කාලය තුල දී ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල සියයට 100 ක් සාර්ථකව සිදු කෙරුනා. ඒ සදහා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ද සහයෝගය හිමි වුනා. සටන් විරාම පවා ප්‍රකාශයට පත් කෙරුනා.'
 
rajitha 25
rajitha 26
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment