සුසිල්-ජෝන් මහින්ද හමුවෙති


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඊයේ (22දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කොළඹ 07,

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මෙසේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමු වී ඇත්තේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව ඒකාබද්ධ විපක්ෂයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන ලිඛිත යෝජනාවලිය අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment