මෝටර් රථයකින් ගෙනැවිත් පාරේ දමා ගි මහලු පියකුව හඳුනාගන්න


වයස්ගත පියකු කොබෙයිගනේ, බොරලුවැව ධීරානන්ද මාර්ගයේ ඉහළගම ප්‍රදේශයේ දමාගොස් සිටියදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට හමුවී කොබෙයිගනේ පොලිසිය වෙත ගෙනැවිත් භාරදී ඇත.
ඉකුත් 20 වැනි දින

රාත්‍රි අටට පමණ සුදු පැහැති මෝටර් රථයක් නවතා එහි ‍ෙදාර හැර මෙම පියා එළියට දමා ගිය බව ත්‍රීවීල් රථයේ සිටි දෙදෙනා දුර සිට දැක ඇති බවද පොලිසිය කියයි.

හැරමිටියක් හා රෙදි කැබැලි කිහිපයක් සහිත ඉටි උරයක් හා ෂොපින් උරයක් පමණක් සන්තකයේ ඇති අවුරුදු 70ත් 75ත් අතර වයසැති මන්ද මානසික තත්ත්වයෙන් පසුවන මේ අය දැනට ප්‍රතිකාර ලබාදීම සඳහා පොලිස් ස්ථානාධිපති ජයතිලක මහතාගේ උපදෙස් අනුව රෝහල් ගතකර සිටින බව කොබෙයිගනේ පොලිසිය සඳහන් කරයි. මොහුගෙන් කරුණු විමසීමේදී තමාගේ නම අධිකාරි මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා බවද වාරියපොළ, බමුණාකොටුව ප්‍රදේශයේ පාසලක් අසල නිවෙසක ජීවත් වූ බවද වාරියපොළ නගරයේ තම පුතකුගේ කඩයක් තිබෙන බවද පැවැසුවේ යැයි පොලිසිය කියයි.

කන් ඇසීමේ අඩුවක්ද ඇති මෙම අය සම්බන්ධව තොරතුරක් දන්නා අයෙක් වෙතොත් 037-2293024 දුරකතන අංකයට හෝ ළඟම ඇති පොලිසියට දන්වන ලෙස කොබෙයිගනේ පොලිසිය ජනතාවට දන්වා සිටී.

කොබෙයිගනේ - ධර්මසේන රණසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment