බැඳුම්කරෙන් ගෙවල් ගත්ත ඒවා රටේ ආර්ථිකයට වැඩක් නැහැ - රාජිත සේනාරත්න

බැඳුම්කරෙන් ගෙවල් ගත්ත ඒවා රටේ ආර්ථිකයට වැඩක් නැහැ - රාජිත සේනාරත්න
බැඳුම්කර ගණුදෙනු ඉතා සංයුක්ත කාරණයක් වන හෙයින් මේ පිළිබඳව විශේෂඥ දැනුම ඇති විදෙස් විද්‍යාඥයන් ලවා විමර්ශනය කිරීමට තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට පවා මෙය අධ්‍යයනය කිරීම ඉතා සංකීර්ණ වී ඇති තත්ත්වයක් තුළ බැඳුම්කර වෙන්දේසිවල ස්වභාවය කෙතරම් බරපතලද යන්න වටහා ගත හැකි බව හෙතෙම කියා සිටියේය. 
 
විවිධ අය මේ පිළිබඳ නොයෙක් කතා කිව්වද කොමිසමේ කාලය දීර්ඝ කිරීමෙන් එහි සංකීර්ණත්වය තේරුම් ගත යුතු බව හෙතෙම සඳහන් කළේය. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ කවුරු කුමන චෝදනාව නැගුවද වැදගත් වන්නේ තමන් ඊට මුහුණ දුන් ආකාරයත් හැසිරුණ ආකාරයත් බවයි. කාලයක සිට තමන් අර්ජුන් අලෝසියස්ව දන්නා හදුනන නමුත් ප්‍රශ්නාගත බැඳුම්කර ගණුදෙනුවට අදාළව අර්ජුන් ඇලෝසියස්ව ආරක්ෂා කිරීමට මැදිහත් නොවූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 
 
අයවැය යෝජනාවක් ලෙස ගෙනා ආ බියර් මිල අඩු කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් විරුද්ධත්වය ප්‍රකාශ කළ බව පැවසු රාජිත සේනාරත්න මහතා පැවසුවේ ඉදිරියේදී නැවත බියර් මිල වැඩි විය හැකි බවයි. 
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment