මිල අඩු ,වැඩි කිරීම් නොව සියලුම මත්පැන් තුරන් කිරීම සුදුසුයි - මල්වතු මහා නායක හිමි

මිල අඩු ,වැඩි කිරීම් නොව සියලුම මත්පැන් තුරන් කිරීම සුදුසුයි - මල්වතු මහා නායක හිමි

ඇතැම් මත්පැන්වල මිල අඩු හෝ වැඩි කිරීමක් නොව සියලුම මත්පැන් තුරන් කිරීම සුදුසු යැයි මත්ද්‍රව්‍ය පිළිබදව එම මහා විහාරයේ දී පැවැති හමුවකදී උන්වහන්සේ සදහන් කළහ.

බියර් මිල අඩු කිරීම හේතුවෙන් සිදුවන ව්‍යසනය පිළිබදව දැනුවත් කිරීම සදහා ජාතික සංඝ සම්මේලනය, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය සහ මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු ඒකකයේ නියෝජිතයන් පිරිසක් මල්වතු මහා විහාරයේදී මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේ දැනුවත් කළහ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා එක්ව සාකච්ඡා කොට මත්පැන් හා මධ්‍යසාර භාවිතය ශ්‍රී ලංකාව තුළ පාලනය කළ හැකි යැයි මහා නායක හිමියන් මෙම නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළහ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් අදහස් දක්වමින්, අරක්කු මිල ඉහළ දමා බියර් මිල පහළ දැමීම නිසා මත්ද්‍රව්‍ය භාවිතයේ කිසිදු පාලනයක් සිදු නොවන බව කීවේය. මේ

හේතුවෙන් රුපියල් සියයක් වැනි මුදලකට බියර් ලබා ගත හැකි බවත් ඒවා අලෙවි කිරීම සදහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබා දෙන බව ද උන්වහන්සේ සදහන් කළහ.

මේ හේතුවෙන් පාසල් දරුවන් පවා මත්පැන්වලට ප්‍රවේශවීමේ මාර්ගයක් නිර්මාණය වන බව මහා නායක හිමියන් හමුවේ උන්වහන්සේ කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් සදහා ඇහුම්කන් දීම ආණ්ඩුව විසින් සිදුකළ යුතු බවත් නොඑසේනම් ආණ්ඩුවේ ගමන සැක සහිත යැයි කී ජාතික සංඝ සම්මේලනයේ සභාපති හිමියන්, අමාත්‍යවරුන් ද විවිධ තීරණ හමුවේ ජනතාව වෙනුවෙන් නම්‍යශ්‍රීලී විය යුතු යැයි කියා සිටියේය.

මෙම හමුව සදහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගල හිමි, මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු ඒකකයේ නියෝජිත අජිත් නවගමුව මහතා ඇතුලු පිරිසක් එක්විය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment