ඛනිජ තෙල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා - අර්ජුණ

ඛනිජ තෙල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා - අර්ජුණ
මෙම ඉන්ධන මාෆියාවේ ක්‍රියාත්මක වීම පසුගිය දිනවල හොඳින්ම පැහැදිලි වූ බවත් මාෆියාව හරහා එක්තරා පිරිසක් මුදල් උපයමින් සිටින බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
 
මෙම මාෆියාකරුවන් සංස්ථාව පුද්ගලීකරණය කිරීමට සඳහා උත්සාහ කරමින් සිටින බවත් ඒ සඳහා සංස්ථාවේ කටයුතු අවුල් කිරීමට විවිධ ප්‍රශ්න ඇති කරන බවත් අර්ජුණ රණතුංග ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු සංස්ථා සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාෆියාව පරාජය කරන මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.
 
ඛනිජ තෙල් සංස්ථාව කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බව පෙන්වා දුන් ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ පෞද්ගලීකරණය තුළින් ගැටලු විසඳා ගත නොහැකි බවයි. මාෆියාකරුවන් පරාජයට පත්කර සංස්ථාව ආරක්ෂා කරගැනීම මේ මොහොතේ පවතින විශාලතම ගැටලුව බවත් එහෙත් ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් කැපවීමෙන් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment