වැස්ස නිසා ගුරු විවේකාගාරයේ තනිව සිටි තරුණ ගුරුවරියට ගුරුවරයෙක් කරපු පහත් වැඩේ

බලහත්කාරයෙන් ගුරුවරියව සිප වැළදගෙන පියයරු මිරිකලා. 
 
 ගුරුවරයට සහ ගුරුවරයාට පාසල් දෙකකට ස්ථාන මාරුවක්.
 
ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරමින් සිටි 
තරුණ ගුරුවරියක් 
බලහත්කාරයෙන් සිප වැළදගෙන 
ඇයට ලිංගික අතවර කිරීමට ගිය ගුරුවරයෙකු සම්බන්ධයෙන් 
විමර්ශණයක් ආරම්භ කර ඇති 
බව නවගත්තේගම පොලීසිය 
පවසනවා. 
 
අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වන 
අවිවාහක පාසල් ගුරුවරියක් 
වාර්තාවුණේ.
 
අදාළ සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30 ක් 
වන විවාහක අයෙකු බව 
පොලීසිය විසින්
 කරන ලද විමර්ශණ 
වලදී අනාවරණය වී තිබෙනවා. 
 
අධික වර්ෂවාත් සමග පාසල නිමාවීමෙන් පසුව ගුරුවරිය ගුරු විවේකාගාරයේ තනිවම සිට ඇති අතර එම අවස්ථාවේදී ගුරු 
විවේකාගාරයට පැමිණ ඇති සැකකාර ගුරුවරයා “ඔයා මට බයදැයි”ගුරුවරියගෙන් විමසා ඇත.“බය වෙන්න ඔයා යකෙක්ද?
” කියා ගුරුවරිය පෙරළා පවසා තිබෙනවා..
 
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති ගුරුවරයා ගුරුවරියව සිප වැළදගෙන ඇයගේ පියයරු මිරිකා ඇති බව පොලිස් 
පැමිණිල්ලේ සදහන්වනවා.
 
සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගේ මවද විශ්‍රාමික විදුහල්පතිනියක්.
 
මේ සම්බන්ධයෙන් විමර්ශණයක්  සිදු කර ඇති ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සිද්ධියට 
මුහුණ දී ඇති ගුරුවරිය සහ ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව කියන ගුරුවරයාව පාසල් දෙකකට ස්ථාන 
මාරුවක් ලබාදී ඇති බව සඳහන්. 
 
ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන බව නවගත්තේගම පොලීසිය වැඩිදුරටත් පැවසුවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment