Tradmed International – 2017 ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය හෙට සිට

Tradmed International – 2017 ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය හෙට සිට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) පෙරවරු 9.00 ට ප්‍රදර්ශණය සහ සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. හෙට දින ආරම්භ වන මෙම ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය 25 වැනිදා පස්වරුවේ අවසන්වීමට නියමිතය. ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව උදා කර ඇත.
 
රටවල් 50 කට අධික සංඛ්‍යාවක දේශීය වෛද්‍ය ක්‍රම සහ අනුපුරක වෛද්‍ය ක්‍රම පිළිබද වෛද්‍යවරුන්, විද්වතුන්, සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන් සම්මන්ත්‍රණයට එක්වීමට නියමිතය. ප්‍රදර්ශන කුටි 100 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශනයට ජාත්‍යන්තර ආයුර්වේද නිෂ්පාදන සමාගම්ද කුටි ඉදිරිපත් කර ඇත. සෑම දිනකම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ එක් එක් රටවල දැනුම හුවමාරු කර ගැනීමේ සැසිවාර පැවැත්වෙයි. තව ද මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් එහි දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ද සහභාගිවීමට නියමිතය. මෙම උත්සවයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය පිළිබද ජාතික අධිකාරියට දුම්වැටි නිවාරණ සම්මානය පිරිනැමීම ද සිදු කරනු ලබයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment