අමුතු උණක් නිසා දින 30 ක් ඇතුළත මුලතිව්හි 9 ක් මැරිලා


මුලතිව් ප්‍රදේශය පුරා පැතිරයන උණ රෝගයක් හේතුවෙන් පුද්ගලයින් නව දෙනකු පසුගිය දින 30ක පමණ
කාලය තුළ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව මුලතිව්

රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙය වෛරස උණ රෝගයක් වන අතර මුලතිව් ප්‍රදේශය පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන බව පැවසේ.
අදාළ උණ රෝගය හේතුවෙන් රෝගීන් 100කට ආසන්න පිරිසක් රෝහල් ගතකොට ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
රෝහල් බලධාරින් පැවසුවේ ඉන්ෆ්ලුවන්සා බී වර්ගයට අයත් උණ රෝගයක් එලෙස පැතිර යන බවට තහවුරු වී ඇති අතර, වැඩිහිටියන් වැඩි පිරිසක් රෝගයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ වනවිට විශේෂ කණ්ඩායම් කිහිපයක් හා වසංගත රෝග මර්දන විශේෂඥයින් කිහිපදෙනෙකු යොදවා ඇති බවත් කියති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment