"ආවා" ගියාට පසු "අජිත් ටීම්" යාපනයේ වැඩ අල්ලයි.


යාපනය,මීසාලෙයි ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (04) රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා දමා පහරදී ඇති ඇති බව යාපනය චාවකච්ඡේරි පොලීසිය පැවසුවේය.

චාවකච්ඡේරි පොලීසිය පැවසූවේ ඊයේ (04) රාත‍්‍රියේ 8.00 ට පමණ අදාළ පහරදීම සිදුව ඇති අතර පහර කෑමෙන් කැපුම් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙකු යාපනය චාවකච්ඡේරි රෝහලට ඇතුළත් කොට ඇති බවටයි.

අදාල පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ මීෂාලෙයි චාවකච්ඡේරි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සෙල්වරාජි කජීවදන් හා 17 හැවිරිදි ඇල්බට් ඇලෙක්ෂණ නැමති තරුණයින්ය.

අදාල පහරදීම සඳහා ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසෙන් එක් අයෙකු විසින් මෙම පහරදීම සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සෝදිසි පරික්ෂණයක්ද ආරම්භ කොට ඇති බවට චාවකච්ඡේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර චාවකච්ඡේරි ප්‍රදේශයේ ක්‍රියාත්මක "අජිත් ටීම්" නැමති කල්ලියක් විසින් මෙම පහරදීම සිදු කොට ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.

යාපනය නගරයේ ස්ථාන කිහිපයක පසුගිය සමය පුරා කපා දැමීම් වාර්තා වු අතර අදාළ පහරදීම් ආවා කල්ලිය විසින් සිදුකොට තිබිණ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment