ෂැංග්‍රිලාට ඉඩම දීම ආරක්ෂාවට තර්ජනයක්


කොටුවේ පිහිටා තිබූ යුද හමුදා මූලස්ථානයට අයත් ඉඩම කඩිමුඩියේ ෂැංග්‍රිලා හෝටලයට සින්නක්කරව ලබාදීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් මෙන්ම රජයට අධික වියදමක් දැරීමට සිදුවීම බරපතළ ගැටලුවක් බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

යුද හමුදා මූලස්ථානයේ පවත්වාගෙන ගිය අංශ, එහි නිලධාරීන් ස්ථාන 15ක් ආශ්‍රිතව ස්ථාන ගතකිරීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත්, අදාළ ගොඩනැඟිලි සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 500ක මුදලක් වැය කිරීමට සිදුවීම මත රජයට අධික වියදමක් දැරීමට සිදුවී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය සලකා බලා ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයකට ඉදිරියේදී කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව අනාවරණය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment