ශ්‍රී ලංකාවෙන් තේ ආනයනයට තාවකාලික තහනමක් රුසියාවෙන් පසුගිය බ්‍රහස්පතින්දා පැනවීම පිටුපස ඇත්තේ ලංකාව ඇස්බැස්ටෝස් තහනම් කිරීමට කටයුතු කිරීම විය හැකි බවට කැබිනට් මණ්ඩල රැස්වීමේදී නවීන් දිසානායක අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ලංකාවට ඇස්බැස්ටෝ අමුද්‍රව්‍ය සපයන ප්‍රධාන සැපයුම්කරුවන් අතර රුසියාව සිටී.
ඇස්බැස්ටෝස් නිෂ්පාදන භාවිතය, ආනයනය සහ නිෂ්පාදනය 2018 ජනවාරි 01 සිට සීමා කිරීමටත් 2024 ජනවාරි 01 සිට ඇස්බැස්ටෝස් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් 2016 සැප්තැම්බර් 06 වෙනිදා රජය තීරණය කර තිබුණි. මෙම තහනම පැනවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව සිදුවිය.
ඇස්බැස්ටෝ නිෂ්පාදන වලින් 80% ක් පමණ ලංකාවේ භාවිතා කරනු ලබන්නේ සෙවිලි තහඩු සඳහාය
කුමී විජේවර්ධන
0 comments :
Post a Comment