LTTE ට යළි හිස එසවීමට කිසිදු ඉඩක් නැති බව බුද්ධි අංශ තහවුරු කළා - මේජර් ජනරාල් D.D.U.K හෙට්ටිආරච්චි

LTTE ට යළි හිස එසවීමට කිසිදු ඉඩක් නැති බව බුද්ධි අංශ තහවුරු කළා - මේජර් ජනරාල් D.D.U.K හෙට්ටිආරච්චි

 

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානාධිපති මේජර් ජනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි මහතා මේ බව හෙළි කළේ යාපනය ආරක්ෂක සේනාමුලස්ථානයේදී අප සමග කළ කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එම සාකච්චාවේ වැඩි දුර මතුවූ කරුණු මෙසේයි.

උතුරේ එවැනි තත්වයක් නොමැති බවත් එමනිසා මේ දුෂමාන ආරංචිවලට නොරැවටෙන ලෙස දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පවසන මේජර් ජනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි මහතා උතුරේ ජනතාව ඉතාම සතුටින් සහ සමාදානයෙන් යුතුව ජීවත් වන බව ද සඳහන් කරයි.

උතුරේ ජනතාවට අත දෙන්න
දකුණේ හදවතක් තියෙන මනුෂ්‍යත්වය අගයන ජනතාවගෙන් මේජර් ජනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි ඉල්ලා සිටින්නේ උතුරේ අසරණ ජනතාවට උදව් කිරීමට පැමිණෙන ලෙසයි. ජාති කුළ භේද අමතක කර උතුරේ අසරණ ජනතාව ඔවුන්ගේ ජීවිත නාග සිටුවීමට උදව් කිරීමෙන් එය මුළු මහත් රටේම සංහිදියාවට මනා රුකුළක් වන බවද ඔහු පවසයි. එලෙස අසරණවූ පවුල් සමග ආධාර දෙන්නන් සම්බන්ධ කිරීම් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදු කරන අතර එවන් අසරණවූ වැන්දඹු පවුල් සඳහා සිදු කෙරෙන සත්කාර වැඩසටහනක් මේ මස 27 වනදා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

2018 වසර සඳහා නව ව්‍යාපෘති රැසක් යුධ හමුදාවෙන්

යුද්ධය ජයග්‍රහණය පිලිබඳව උදම් අනනවා සේම දැන් ඉදිරිය ගැනත් සිතා කටයුතු කල යුතු බව මේජර් ජනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ අප නව වසර සදහා යාපනයට යුධ හමුදාවෙන් දියත් වන නව වසරේ ව්‍යාපෘති සම්බන්ධව කරුණු දක්වමිනි. වෙරළ සහ කලපු සංරක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් දියත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය කටයුතු යොදා ඇත. ඊට සමගාමීව නව වසරේදී පොල් , තල් වගාවන් සිදු කරමින් පොල් සහ තල් ගස් ලක්ෂය බැගින් සිටුවීමට මේ වන විට කටයුතු යොදා ඇත. ඒ සඳහා පොල් සහ තල් සංරක්ෂණ මණ්ඩලය එකාබද්දව වී සිටිති. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග වනවගාවන් සිදුකිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති බව ද මේජර් ජනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි පැවසීය.

අශ් වරු Ashanthi Warunasuriya යාපනයේ සිට

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment