තහනමෙන් මාස 15 කට පසු නැවත ඇවිත් මාරියා ෂරපෝවා වැඩ පෙන්නයි


කාලයක් ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස වැජඹුණ මාරියා ෂරපෝවා මීට වසර 2 කට පමණ පෙර 2016දී ඕස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් තරගාවලිය අතරතුර තහනම්
උත්තේජක ලබාගැනීමේ

වරදකට හසුවී මාස 15 ක තරග තහනමකට ලක්වූවාය.
පසුගිය කාලයේ නිහඩව පුහුණුවීම් වල යෙදුණ ඇය නැවතත් පසුගිය සතියේ ඇරඹි 2018 ඕස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වූ අතර එහි පළමු වටයෙන් පහසු ජයක් ලබමින් මේ වනවිට ඉදිරි වට සඳහා සුදුසුකම් ලබා සිටින්නීය.
තිස් හැවිරිදි වියේ සිටින ෂරපෝවා රුසියාවේ උපත ලබා 1994 සිට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් නිරූපිකාවක ලෙසද ප්‍රකට නමක් දිනූ ටෙනිස් ක්‍රීඩිකාවකි. 2005 සිට 2011 කාලයේ ෆෝබ්ස් සඟරාව නම් කළ ලෝකයේ බලවත්ම 100 දෙනාගේ ලැයිස්තුවේ ඇය ඇතුළත්ව සිටියාය. Unstoppable: My Life So Far යනුවෙන් පොතක්ද රචනා කර ඇති ඇය දුෂ්කර ලෙස ජීවිතය ජයගෙන උඩට ආ කාන්තාවක ලෙස ආදර්ශයක් සපයා ඇති තාරකාවකි.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment