ලබන මාසයේදී බේරේවැව වටේ යන්න අවස්ථාව.


බේරේවැව ආශ්‍රිතව ඉදිකරන ලද ඇවිදින මංතීරු ව්‍යාපෘතිය ලබන මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.

නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ කොළඹ නගරය සංචාරක ආකර්ෂණීය නගරක් බවට පත් කිරීමේ අරමුණින් අදාළ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබීය.

ලේක හවුස් වටරවුමේ සිට නෙළුම් කුළුණ දක්වා වූ කොටසේ ඇවිදින මංතීරු ව්‍යාපෘතිය පළමු අදියර යටතේ විවෘත කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම වොක්ෂෝල් විදීයේ සිට නෙළුම් කුළුණ දක්වා වූ කොටසේ ඇවිදින මංතීරු ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment