වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට.


නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇය බැංකුවක සේවය කරමින් සිටියදී ඉකුත් 2012 වසරේ සිට 2016 වසර දක්වා එම බැංකුවේ සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන්.

මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.

ඒ සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. සැකකාරිය පොලීසියට අද (09) භාර වී ඇත්තේ ද ඒ අනුවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment