ජාතික ඔලිම්පික් කමිටු සභාපතිට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයෙන් හරසර!

ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස වසර 22 ක කාලයක් හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට නැවත හේමසිරි ප්‍රන්නදු මහතා ඉදිරිපත් නොවන අතර සභාපතිධූරය වෙනුවෙන් ආසියානු ටෙනිස් සම්මේලනයේ උප සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඉදිරිපත්වීමට නියමිතය. ඒ බව නිල වශයෙන් දැනුම් දීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

හේමසිරි ප්‍රනාන්දු මහතා සිය සේවා කාලය තුළ ඉතා ඉතා විශිෂ්ට අන්දමින් ජාතික ඔලිම්පික් කමිටුව මෙහෙයවීමේ සිට ක්‍රීඩකයන්ගේ උන්නතිය වෙනුවෙන් නිහඬ සේවයක නියැලුණ බවයි ක්‍රීඩා සංගම් නියෝජිතයන් සඳහන් කළේ. ඉතා කුඩා ස්ථානයක සිට අද දවස වන විට ඔලිම්පික් නිවහන ඉදිකිරිම දක්වා විශාල කැපවීමකින් හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇති අතර එය මෙරට ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩකයන්ටද ආදර්ශයක් බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment