මහින්ද දිනුවේ ජාතිවාදය අවුස්සලා - විපක්ෂ නායක

මහින්ද දිනුවේ ජාතිවාදය අවුස්සලා - විපක්ෂ නායක
ජාතිවාදය අවුස්සා, නැති ඊළමක් මවාපාමින් දකුණේ බහුතර ඡන්ද දිනාගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
දමිළ ඊළමක් සම්බන්ධයෙන් හෝ රට බෙදීමක් සම්බන්ධයෙන් තම පක්ෂය හෝ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිසිවිටෙකත් පෙනී නොසිටි බවත් දකුණේ ජනතාව සමග බලය බෙදාගැනීමේ පැහැදිලි ස්ථාවරයක තම පක්ෂය සිටින බවත් විවාදයට සහභාගිවෙමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
 
වසර ගණනාවක පටන් මහින් රාජපක්ෂ මහතා සිය ජන ප්‍රසාදය ක්‍රමයෙන් අහිමි කරගනිමින් සිටින බැවින් ජාතිවාදය අවුස්සා හෝ නැවත ජන ප්‍රසාදය දිනාගැනීම සඳහා උත්සාහ කරන බව පෙන්වා දුන් සම්බන්ධන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ඒ සඳහා රට අස්ථාවර කිරීමට වුවද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණ පසුබට නොවනු ඇති බවයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment