අගමැති දැන්වත් නිවැරදි විය යුතුයි- ජනපති කියයි.

අගමැති දැන්වත් නිවැරදි විය යුතුයි- ජනපති කියයි.
 
“අගමැතිතුමා කරන හැම දෙයකින්ම අසාර්ථක වුණා. රැඩිකල් වෙනස්කම් සමග මේ වතාවේවත් සාර්ථක වෙන්න ඔහුට නොහැකි වුණොත් ඔහුව ඉවත් කරනවා හැරෙන්නට කරන්න දෙයක් නැහැ..”
 
කෙසේ නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයාගෙන් මිදීමේ මාර්ගයකක් සොයමින් සිටින බව මේ අනුව පැහැදිලි වේ. අගමැතිවරයා විසින් ජනාධිපති ධුරය වෙත ගරුත්වය නොදක්වන බවට සහ ආණ්ඩුවේ විශ්වාසනීයත්වය අගමැතිවරයාගේ වැඩ නිසා බිම් මට්ටමෙන්ම බිඳ වැටෙන බවට ජනාධිපතිවරයා සිතන බව පෙනී යයි. 
 
සැබවින්ම අග්‍රාමාත්‍යවරයා නිතරම පිරිවරාගෙන සිටින්නේ වරක් දෙවරක් නොව තුන් වතාවක්ම විවිධ වගකීම් පවරා ඒවා අසාර්ථක කර ගත් හිතවතුන් රෑනකි. මේ බව අප විසින් ද මෙයට පෙර කිහිප වතාවක්ම පෙන්වා දී තිබේ. රත්වත්තේ, පාස්කරලිංගම් හා සාගල රත්නායක එයින් කිහිප දෙනෙක් පමණි. අගමැතිවරයා විසින් ගත් ප්‍රගතිගාමී තීරණ පවා අසාර්ථක කිරීමේ දෝෂාරෝපණය ඔවුන් විසින් භාරගත යුතුය. 
 
මේ තත්වය තුළ ඇත්ත වශයෙන්ම අගමැතිවරයාට සිදුවී තිබුණේ හුදෙකලා සොල්දාදුවෙකු ලෙස තමන්ගේ සටන කිරීමට ය. නමුත් අවසානයේ ඔහුට දණින් වැටෙන්නට සිදු වී තිබේ. අවම වශයෙන් දැන්වත් ඔහු විසින් මේ යථාර්ථය තේරුම් ගත යුතුය. දැන්වත් ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් දැනෙන යමක් කළ යුතුය.
 
අගමැතිවරයා විසින් සිය කාර්යාලයේ පක්ෂ සාමාජිකයන්ට පමණක් නොව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ද ඉඩක් වෙන් කළ යුතු බව සෑහෙන කලක පටන් පෙනී යන කරුණකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආශ්‍රිතව දැන් පවතින වාතාවරණය තුළ ඊළඟ වතාවේ ජනාධිපතිවරයා ඔහුව කර මුලටම හිර කරනු නිසැක ය. 
 
මේ වතාවේ ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යන යථාර්ථය වන්නේ, අගමැතිවරයාව බේරාගත හැක්කේ අගමැතිවරයාටම පමණක් බවයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment