ගුරු සේවයේ ගැටලු වලට සතියක් තුළ විසඳුම්

ගුරු සේවයේ ගැටලු වලට සතියක් තුළ විසඳුම්

 

මෙසේ එකඟතාවකට පැමිණ ඇත්තේ 2018.02.23 දින අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගුරු සේවයේ ගැටලූ පිළිබඳව පැවති සාකච්ඡාවේදීය.

මේ පිළිබඳව ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

2018.02.23 දින ගුරු වෘත්තීය සමිති හා අධ්‍යාපන ලේකම් අතර පැවති සාකච්ඡුාවේදී ගුරු සේවයේ ගැටලූ සතියක් ඇතුළත විසඳීමට තීරණය විය

2018.02.23 දින අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගුරු සේවයේ ගැටලූ පිළිබඳව සාකච්ඡුාවක් පැවැත්විණි.

එහිදී 2014.10.23 දිනැතිව නිකුත් කළ 1885/38 අංකයෙන් යුත් නව ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීමේදී ගුරු සේවය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ සඳහා ඉදිරි සතිය ඇතුළත විසඳුම් ලබා දීමට අධ්‍යාපන ලේකම්වරයා එකඟ විය.

එසේම මෙහිදී 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිසම මගින් හා ඊට පසු කි‍්‍රයාත්මක වූ රාජ්‍ය සේවයේ වැටුප් ප‍්‍රතිසංස්කරණ මගින් ගුරු සේවයට ඇති වූ බරපතල වැටුප් විෂමතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ අතර, එම වැටුප් විෂමතාවයට පිළියම් යෙදීමටත්, ගුරු සේවය සංවෘත්ත සේවාවක් බවට පත් කිරීමත්, එය වෘත්තික සභාවකින් පාලනය වන තත්වයට සංවර්ධනය කිරීමත් කළ යුතු බවට එකඟතාවය පළ කළ අධ්‍යාපන ලේකම්වරයා ඒ සඳහා කි‍්‍රයාකිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කළේය.

ගුරු සේවයේ වැටුප් විෂමතාවයට පිළියම් ලෙස ගුරු සේවයේ වැටුප් අනෙකුත් රාජ්‍ය සේවාවන්ගෙන් වෙන්ව ගෙන සැකසිය යුතු බව එස්සීඑෆ්ආර්282/2008 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්ද ප‍්‍රකාශ කර ඇති අතර, 2017 වසරේ දෙසැම්බර් මස පැවති දුම්රිය වැඩ වර්ජනය අවසානයේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා දුම්රිය සංවෘත්ත සේවා බවට පත් කරන බව දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධ ඇමති අනු කමිටුව මගින් ද තීරණය විය. එසේම ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සඳහා ජාතික අධ්‍යාපන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලද ගුරු වෘත්තිය සඳහා ජාතික සභාවක් පිහිටුවිය යුතු බව යෝජනා කර ඇත.

මේ තත්වය තුළ ගුරු සේවයේ ගැටලූවලට, එකඟ වූ පරිදි කඩිනමින් විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන ආකාරය අනුව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව ඉදිරි කි‍්‍රයාමාර්ග තීරණය කරන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කරමු.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරු සංගමය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment