රට ගැන සිතා දේශපාලනඥයන් කටයුතු කළ යුතුයි - ජනාධිපති

රට ගැන සිතා දේශපාලනඥයන් කටයුතු කළ යුතුයි - ජනාධිපති
දේශපාලනඥයන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු ඔවුන්ට ජනතාව අමතක වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සියලු වාදභේද ඉවත ලා ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔවුන් එකතු වියයුතු බවයි.
 
තමන් රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන බවත් එසේ කටයුතු කිරීමේදී එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැළකිලිමත් නොවන බවත් ඔහු පවසයි. මහජනතාවගේ ගැටලු විසඳා ඔවුන්ට යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් දේශපාලනඥයන්  ඒකාබද්ධ බලවේගයක් ලෙස කටයුතු කළයුතු බවයි සිරිසේන මහතා වැඩිදුරටත් පවසන්නේ.
 
දේශපාලන පක්ෂවලට ඇති ප්‍රධානතම ගැටලුව මීලඟ ජනාධිපතිවරයා/අගමැතිවරයා වන්නේ කව්රුන්ද යන්න බවත් එහෙත් ජනතාවට එය වැදගත් ප්‍රශ්නයක් නොවන බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා, ජනතා ප්‍රශ්න පිළිබඳව දේශපාලනඥයන් අවධානය යොමු කළයුතු බව පවසයි. මීලඟ ජනාධිපතිවරයා/අගමැතිවරයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ජනතාව අවශ්‍ය මොහොතේ තීරණය කරනු ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදී අවධාරණය කළේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment