එජාපයේ වෙනස ලේකම් තනතුරට සීමා වෙයි

එජාපයේ වෙනස ලේකම් තනතුරට සීමා වෙයි
නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කළ අතර මාර්තු අග පැවැත්වෙන පක්ෂ ප්‍රතිසංවිධානයේදී දැනෙන වෙනසක් සිදු කරන බවට ද ඉඟි පළ කළේය. 2020 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි පසුබිමක් නිර්මාණය කිරීම මෙම පක්ෂ ප්‍රතිසංවිධානයේ ප්‍රධාන අරමුණ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
 
කෙසේ වෙතත් එම වෙනස පක්ෂයේ මහ ලේකම් තනතුරට පමණක් සීමා වන බවයි මේ වනවිට වාර්තා වන්නේ. ඒ අනුව මෙතෙක් මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා වෙනුවට අකිල විරාජ් කාරියවසම් මහතා පත්වනු ඇති බව වාර්තා වේ. වෙනත් කිසිදු ප්‍රධාන තනතුරක් වෙනස් නොවන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකයා ලෙස කටයුතු කරනු ඇත.
 
රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් කමිටු තුනක් පත්කළ අතර එම කමිටුවල නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ. මෙම කමිටුවල නිර්දේශ සහ බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ අදහස් ද සලකා බලා නව නිළධාරීන් පත් කරන බව සඳහන් වුවද එය පසුගියදා සිදුකළ කැබිනට් සංශෝධනය වැනි ඇස් බැන්දුමක් පමණක් වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment