වයිස් ප්‍රින්සිපල් මැඩම් පුස්තකාලෙදි වැටිලා දන්නෙම නැතිව මැරිලා

පොල්පිතිගම දොරවේරුව ටි.බි. විජේසූරිය කනිෂ්ඨ විද්‍යාලයේ නීයොජ්‍ය විදුහල්පතිනිය පාසල් පුස්තකාල කාමරයේ වැටී සිටියදී පාසලේ ගුරුවරු මැදිහත් වී දිසා රෝහලට ඇතුළත් කීරිමෙන් අනතුරුව මියගොස් ඇනී බව පොල්පිතිගම පොලීසිය කීයයි.
මෙසේ මියගොස් ඇත්තේ සී.ඩී. රේණුකා කාන්ති නැමැති පනස්තුන් හැවිරිදි පාසල් ගුරුවරියකි.

මේ දිනවල

පාසලේ වාර විභාග පැවැත්වෙන බැවින් අනෙකුත් ගුරුවරු එම කාරියයන්වල නිරතව සිට ඇත. මෙම ගුරුවරිය වැටුණු වේලාවක් පිළිබද කිසිවෙක් නොදන්නා අතර පසුව පාසල් සිසුන් පිරිසක් දැක විදුහල්පතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
ඇය පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. ඒ වන විට ඇයගේ හිසෙන් ලේ වහනය වෙමින් තිබෙන නිසා මෘත දේහය වැඩිදුර පරික්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමට පියවර ගත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. පොල්පිතිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment