එජාපය සහ ජනපති අතර සාකච්ඡාවක්

එජාපය සහ ජනපති අතර සාකච්ඡාවක්

එහිදී යහපාලන ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ශ්‍රීලනිප මෙන්ම එජාප ඇමතිවරුන් කිහිප දෙනෙක් ද අත්සන් තබන බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා ප්‍රකාශ කළ අතර මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ඇතුළු පිරිසක් ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මේ වනවිටත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එජාප අභ්‍යන්තරයේ ද මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර සජිත් ප්‍රේමදාස මහතා රනිල් ඉවත් කර නායකත්වයට පත්වීම සඳහා උත්සාහ ගනිමින් සිටින බවද සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment