ට්‍රම්ප්ගේ නොවරදින ක්‍රමය නිසා තවත් ඇමරිකානු දැරියකගේ දිවි අහිමි වෙයි

ට්‍රම්ප්ගේ නොවරදින ක්‍රමය නිසා තවත් ඇමරිකානු දැරියකගේ දිවි අහිමි වෙයි
මෙම අදහසට ඇමරිකානු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර බොහෝදෙනා ප්‍රකාශ කළේ ට්‍රම්ප් ලැජ්ජා වියයුතු බවයි.
 
ෆ්ලොරිඩා සිසු ඝාතනයේ උණුසුම මැකීයාමටත් පෙර තවත් ඝාතන සිදුවීමක් මිසිසිපි ප්‍රාන්තයෙන් වාර්තා වන අතර අදාල වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 13 වියැති කුඩා දැරියකි. විශේෂත්වය වන්නේ ඇයට වෙඩිතබා ඇත්තේ 09 හැවිරිදි ඇයගේ බාල සොයුරාය.
 
මොවුන් දෙදෙනා සිය නිදන කාමරයේ වීඩියෝ ක්‍රීඩාවක නිතරව සිට ඇති අතර ඔවුන්ගේ මව දිවා ආහාරය සකස් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වීඩියෝ ක්‍රීඩාව අතරතුරදී සහෝදර-සහෝදරියන් දෙදෙනා අතර මත ගැටුමක් ඇතිවී තිබේ. ඉන්පසු නිදන ඇඳ අසල තබා තිබූ ගිනි අවිය ගෙන 09 හැවිරිදි දරුවා සිය සහෝදරියගේ හිස පිටුපසට වෙඩිතබා ඇති බවයි වාර්තා වන්නේ.
 
ගිනි අවි නිෂ්පාදනය ඇමරිකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන අතර කෙසේ වෙතත් ඒ හරහා ඇමරිකානු සමාජය තුළ අනාරක්ෂිත බවක් නිර්මාණය වී තිබේ. ඇමරිකාව තුළ ගිනිඅවි භාවිතය අතිශය සුලබ දෙයක් වන අතර එසේ තිබියදී පාසල් ගුරුවරුන්ට ගිනිඅවි ලබා දියයුතු බවට ඇමරිකානු ජනාධිපතිවරයාම ප්‍රකාශ කිරීම හරහා හෙට දිනයේදී තවත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අසන්නට ලැබෙනු ඇත.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment