එජාපයේ ලොකු වෙනසක් වෙනවා - හරීන් ප්‍රනාන්දු

එජාපයේ ලොකු වෙනසක් වෙනවා - හරීන් ප්‍රනාන්දු
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, මහ ලේකම් යන තනතුරු ඇතුලු තනතුරු කිහිපයක් වෙනස්වී ඒ සදහා තරුණ කණ්ඩායම් සදහා අවස්ථාව හිමිවීමට නියමිත යැයි මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.
 
වත්මන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට හෝ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දෝෂභියෝගයකට ඡන්දය දෙන්නේ නම් ඔවුන් සමග ඉදිරියේදි ආණ්ඩු කිරීම ගැටලුවක් වන බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
 
ආණ්ඩුවට තව තිබෙන්නේ මාස 18ක කාලයක් පමණයි. පළාත් සභා මැතිවරණයෙන් ජනතාව පුංචි රිදවීමක් කළා. ඒ ආණ්ඩුව ගෙදර යැවීමට නොව ආණ්ඩුවට නිසි මගට ප්‍රවේශවන ලෙස දැනුම්දීමක්. ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුව තිබුණා. නමුත් නායකයන් දෙපසට වී ගහගන්නවාට වඩා ජනතාවට දුන් පොරොන්දු දැන්වත් ඉටු කළ යුතුයි. ආණ්ඩුව දැන්වත් ජනතාව ඉල්ලන අරමුණ කරා යා යුතුයි.
 
අපට තව ඉතිරිව තිබෙන කාලය කෙටි කාලයක්. ඒ තුළදී කවුරුන් එළවලා කවරුන් බලයට ගෙන එන්නේ ද යන්න සිතා බැලිය යුතුයි. මේ රටේ ඉන්න ජනතාව බුද්ධිමත්. දෝෂාභියෝගයේදී වෙනත් වෙනත් පක්ෂ කුමන ඡන්දයක් ප්‍රකාශ කළත් එක්සත් ජාතික පක්ෂය ඉන්නේ එකම මතයකයි. පක්ෂයට අතීතයේ මීට වඩා අර්බුද පැමිණි අවස්ථා තිබුණා. නමුත් පක්ෂය සැලුනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය රැකගෙන එදා සිට මේ දක්වා අභිත ගමනක පැමිණි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
නුවර නදීක දයා බණ්ඩාර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment