13 හැවිරිදි දියණිය ගැබිණියක් කළ මාමා අත්අඩංගුවට


පිටිගල, බංගමුව ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරීයක් ගැබිනියක බවට පත්කළ අදාළ දැරියගේ මාමා බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
49 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.


සැකකරු විසින් පසුගිය ජනවාරි මස 22වැනිදා සිට වරින් වර අදාළ දැරිය අපයෝජනය කර ඇතැයි මුලික පොලිස් පක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඇගේ ශරීරයේ ඇතිවූ වෙනසක් මත ඇයගේ මව විසින් අදාළ දැරීය වෛද්‍යවරයෙකු වෙත යොමුකර ඇති අතර, එහිදී අදාළ දැරිය ගැබ්ගෙන ඇතැයි අනාවරණය වී ඇත.
පසුව දැරියගේ මව විසින් සිද්ධිය පිළිබඳ පිටිගල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු දැරියගේ මාමා බව පැවසෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ දැරියගේ නිවස සැකකරුවන්ගේ  නිවස ආසන්නයේම පිහිටා ඇති අතර, දැරිය පසුගිය කාලයේ රාත්‍රී කාලයේදී නිදාගෙන ඇත්තේ සැකකරුගේ නිවසේ බවද හෙළිව ඇත.
සැකකරූ ඊයේ (24දා) අධිකරණයට ඉදිරිපත් කිරීට නියමිතව තිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment