ශ්‍රීලනිපයේ 22ක් ආණ්ඩුවෙන් ඉවතට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 22 දෙදෙනෙකු ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශකර ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
මෙම තීරණය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මේවනවිට අගමැතිවරයාට දැනුම්දී ඇතැයි කල විමසීමකදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසිය.
ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් අද සවස ආණ්ඩුවෙන් ඉවත් වෙන බවත් ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුව අවසන් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද පැවති විශ්වාස භංග විවාදයේදී පැවැසීය.
0 comments :
Post a Comment