දින 25 වියැති බිළිඳා නින්දේදී මවගේ සිරුරට යටවී මිය ගිහින්


ආදරය සෙනෙහස සිත තුළ රඳවා තම බිලිඳු දරුවා තුරුලු කරගනිමින් රාත්‍රි නින්දට ගිය මවකට යටවී එම බිලිදා මිය යාමේ දුක්මුසු පුවතක් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ පල්ලේවෙල කොස්හේනවත්ත ප්‍රදේශයේ නිවසක ජීවත්වූ දින 25ක් වයස ඇති පිරිමි දරුවෙකි. ඉකුත් 22 වැනිදා අලුයම 5.00ට පමණ අවදිවී බැලූ පසු තම දරුවා තමන්ගේ කිසිදු උත්තේජනයකට ප්‍රතිචාර නොදක්වන බව දැනගත් මව වහා බිලිඳා

වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් බිලිඳා මියගොස් සිටි බව පොලීසිය පවසයි.

තම දරුවා රාත්‍රි නින්දේදී මවට යටවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බව දරුවාගේ පියා වේයන්ගොඩ පොලිසියට පවසා ඇත. වේයන්ගොඩ පොලිස් ස්ථානයේ පො. සැ. සුමිත් (31541) මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්තනගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සජිත් සේනාධීර මහතා බිලිඳා මියගිය නිවෙසට ගොස් ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කළේය. බිලිඳාගේ පශ්චාත් මරණ පරික්‍ෂණය ඉකුත් 2 වැනිදා වතුපිටිවල මූලික රෝහලේදී මරණ පරීක්ෂක එස්.පී.පී. ගුණවර්ධන මහතා විසින්  සිදුකර විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිරුරේ කොටස් කෙළඹ රස පරීක්ෂක වෙත යවා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment