එල්.ටී.ටී.ඊ. සතුව තිබූ භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවේ


එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් බව පැවයිසන අඩි 35ක පමණ ගැඹුරකින් යුත් භූගත බංකරයක් කිලිනොච්චිය, අරසන්කේනි ප්‍රදේශයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.
අරසන්නි ප්‍රදේශයේ

යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම් පරීක්ෂා කිරීමේදී අදාළ භූගත බංකරය දැක ඒ ආසන්නයේ පිහිටි යුද හමුදා කඳවුරකට දැනුම් දී තිබූ අතර, පසුව යුද හමුදා සෙබඵ පිරිසක් විසින් අදාළ ස්ථානයට පැමිණ බංකරය පරීක්ෂා කර තිබේ.

යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරවලින් බේරීම සඳහා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් මෙම බංකරය අඩි 35ක් තරම් වූ ගැඹුරකට කපා බංකරය උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇත.
මම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී  එල්.ටී.ටී.ඊ. කඳවුරක් තිබූ බවට සැක පළවන බවත්, මෙම භූගත බංකරය ඉදිරියේදී විනාශ කර දැමීමට පියවර ගන්නා බවත් යුද  හමුදා නිලධාරිහු පවසා සිටියහ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment