සුන්දර දුන්හිඳ වැනසෙන අන්දම

සුන්දර දුන්හිඳ වැනසෙන අන්දම

එහෙත් කාගේත් සිත් ගත් දුන්හිඳ ඇල්ල සහ ආශ්‍රිත පරිසරය විනාශ වෙමින් පවතින බව අප කැමරා කාචයේ සටහන් විය.

dunhida 2

dunhida 3

dunhida 1

එහිදී අපට දැකගත හැකි වූයේ සංචාරකයන් දුන්හිඳ දිය ඇල්ලේ අසිරිය විඳින නමුත් පරිසරය පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බවයි. ඔවුන් රැගෙන එන්නාවූ ප්ලාස්ටික් වතුර බෝතල්, බිස්කට් අසුරන ආදිය පරිසරයට මුදාහැර ඇති අයුරු දැකගත හැකි වෙයි. මේ හේතුවෙන් පරිසරයේ සිටින සත්වයින්ගේ ජීවිත අවධානමක් ඇතිව තිබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

කසළ බැහැර කිරීමට නිසි ක‍්‍රමවේදයක් මෙම පරිසරය තුළ නොමැති බැවින් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව සංචාරකයන් පවසයි.

දුන්හිඳ පරිසර පද්ධතිය රැකගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් දියත් කිරීම සොරණාතොට ප‍්‍රාදේශීය සභාවේ බලධාරීන්ගේ වගකීමක් බවද ප‍්‍රදේශවාසීන් පවසයි.

dunhida 4

ජයලත් දිසානායක - බදුල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment