
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශ්වාසභංගයට පක්ෂව හෝ විපක්ෂව ජන්දය දීමෙන් වැලකී සිටීමට තීරණයක් ගත් අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේද ආශිර්වාදය ඇති බවයි හෙතෙම සඳහන් කළේ. මෙම විශ්වාසභංග යෝජනාව විපක්ෂයෙන් ඉදිරිපත් වූවක් වන හෙයින් එය ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු හෝ භාරගත යුතු නැති බවයි ෆවුසි මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද උදෑසන මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා කියා සිටියේ පක්ෂයේ සභාපතිගේ හෝ ලේකම්වරයාගේ ප්‍රකාශය මිස අනෙකුත් අයගේ ප්‍රකාශ වලංගු නොවන බවයි.
මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බව ශ්‍රීලනිපයේ බොහෝ දෙනා තේරුම් ගෙන සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment