
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප කණ්ඩායම අගමැතිවරයාට විරුද්ධව යමින් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව ඊයේ සහ පෙරේදා වාර්තා වූ අතර කෙසේ වෙතත් එම ස්ථාවරයේ සිටින ප්‍රමාණය පැයෙන් පැයට අඩු වන බවයි වාර්තා වන්නේ. රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා අද උදෑසන ප්‍රකාශ කළේ ශ්‍රීලනිප ඇමතිවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති බවයි. එහෙත් ලක්ෂ්මන් යාපා ඇමතිවරයා ප්‍රකාශ කළේ එවැනි තීරණයකට ශ්‍රීලනිපය පැමිණ නොමැති බවයි.
අද උදෑසන වනවිට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ශ්‍රීලනිප ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසක් රැඳී සිටියද එය දහවල් වනවිට 20 කට පමණ පහත බැස ඇති බව වාර්තා විය. මේ වනවිට අපවෙත වාර්තා වන්නේ එම ප්‍රමාණය මන්ත්‍රීවරුන් 10 දක්වා අඩු වී ඇති බවයි.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඡන්ද විමසීම සිදුවන විට එම ප්‍රමාණය 05 ක් දක්වා අඩුවීමට නියමිත බවයි.
ශ්‍රීලනිප ඇමතිවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා පමණක් මේ වනවිට විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට නිශ්චිත තීරණයක් ගෙන තිබේ. ඒ අනුව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කිරීමේ හැකියාවක් පවතින බව වාර්තා වේ.
0 comments :
Post a Comment