ශ්‍රී ලංකා මිරර්ට විශේෂිත සම්මානයක්.


වස විස නැති රටක් නිර්මාණය කිරීමේදී දැක්වූ වෙබ් මාධ්‍ය දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට විශේෂ ප්‍රණාම සම්මානයක් ඊයේ (24) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති "වස විස නැති රටක් වෙනුවෙන් එක්වෙමු" වැඩසටහනේදී හිමිවිය.

මෙහිදී විශේෂ ප්‍රණාම සම්මාන 12ක් ප්‍රදානය කෙරුණු අතර එහිදී සම්මාන 5ක් හිමිවූයේ මාධ්‍ය වෙනුවෙනි.

වෙබ්මාධ්‍ය වෙනුවෙන් හිමිවූ එකම සම්මානය ශ්‍රී ලංකා මිරර්ට හිමිවීමද විශේෂිතය.

වස විස නැති රටක් පැලවී හමාරයි !

මේ උත්සවයේදී අදහස් දැක්වූ උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (සෙමා) හි සභාපති අශෝක අබේගුණවර්ධන මහතා කියා සිටියේ වස විස නැති රටක් වැඩසටහන ගෙවුණු දෙවර්ශයේදී සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි.

ඒ මහතා එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පසුගිය කන්නයේ සිදු කළ කාබනික වී වගාව රසායනික වී වගාව අභිබවා යාමට සමත්වූ බවද ඔහු දත්තානුසාරයෙන් පෙන්වා දූන්නේය.

ඒ අනුව ඒ මහතා දත්තානුසාරයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථාන හතරෙහි පැවැති ආදර්ශන පහෙන් තුනකම වස විස නැති ජෛවවිද්‍යාත්මක නියැදියේ අස්වැන්න රසායනික නියැදියේ අස්වැන්නට වඩා වැඩි බවද අබේගුණවර්ධන මහතා ඔප්පුකර පෙන්වනු ලැබීය.

අදාළ දත්තමය සාක්ෂි පහත දැක්වේ.



පොහොර වෙනුවට මුදල්දීම කාබනික ගොවිතැනට තල්ලුවක් - රතන හිමි

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙසේ කියා සිටියහ.

පොහොර වෙනුවට මුදල්දීම කාබනික ගොවිතැනට තල්ලුවක් - රතන හිමි from SRI LANKA MIRROR on Vimeo.
(දර්ශන අනුග්‍රහය ITN)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment