ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබාදී දිගටම ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව එම පක්ෂයේ උපලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
අද (25 දා)
පැවැති මාධ්‍ය සාකච්චාවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර, ඊයේ (24 දා) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව වචනයක් කතා නොකළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
23 දෙනෙකු දැනට ආණ්ඩුවේ රැඳී සිටින බවත්, ඉවත් වූ 16 දෙනාට තනතුරු ලබාදෙන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment