ලක්ෂ 32ක්‍ බදු නිසා රේගුවේ සිරවී තිබූ බෝධිසත්ව පිළිමය ජනාධිපති මැදිහත්වීමෙන් නිදහස්


රුපියල් ලක්ෂ 32ක්‍ බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා සිරවී තිබූ බෝධිසත්ව පිළිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් රේගුවෙන් නිදහස් කරගෙන ඉකුත් (17) දහවල් මහා සංඝරත්නයේ පිරිත් මධ්‍යයේ විහාරස්ථාන වෙත බෙඳාදීම මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර වලවාහැංගුණුවැව ධම්මරතන හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදුකළහ.

කිලෝග්‍රෑම් 1500ක් බරින් යුතු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු බෝධිසත්ව පිළිමවහන්සේලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා විසි නමක් හා තුන් සූත්‍රය සහිත අධි තාක්‍ෂණික උපකරණය මෙසේ පුඡා කෙරිණි.
දෙසිය නමක් මහා සංඝරත්නය වෙනුවෙන් ඉකුත් (17) දහවල් දානය

පිරිනැමීමත් අනතුරුව එම උත්සවය මිහින්තලය නගර උයනේදී සිදුකෙරුණි. මෙම පිළිම වහන්සේලා බෙදාදීමේ පුණ්‍ය උත්සවය පසුගිය වෙසක් මස (29) වනදා සිදුකිරිමට නියමිතව තිබුණත් රුපියල් තිස් දෙලක්‍ෂයක බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා උත්සවය ප්‍රමාද කිරිමට සංවිධායකයන්ට සිදුවිය. සියැං කෝන් චුයං යැං ඡාත්‍යන්තර බෞද්ධ සංගමයේ කැඳවුමකරු වන සුසැන් යැං මහත්මිය ඇතුළු පිරිසක් මිහින්තලා රඡමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ අනුශාසනාව පරිදි මෙම උත්සවය මීට පෙර වෙසක් පොහොය දිනයේ සංවිධානය කර තිබුණි.


උත්සවය සබ්බන්ධයෙන් අනුශාසනාවක් සිදුකළ මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැව ධම්මරතන නාහිමියෝ මෙසේ පැවසීය.

මෙම උත්සවය පවත්වන්න සංවිධානය කරලා තිබුණේ පසුගිය වෙසක් පොහොය පැවති 29 වනදා දිනයයි. නමුත් රුපියල් තිස් දෙලක්ෂයක රේගු බදු ගෙවීමට සිදුවීම නිසා එය මුදා ගැනීමට අපහසු වුණා.

මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සමස්ත ලෝකවාසී බෞද්ධයන්ට පමන්ක නෙමෙයි බෞද්ධ නොවන ඡනතාවටත් මහා කම්පන තරංගයක් නිකුත් වුණා.මේ පුවත අන්තර්ඡාලයෙන් කොරියාව ජපානය චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රවල් වලටත් ගියා. එහි සිටින බෞද්ධයන් මට දුරකථනයන් ඊමේල් පණිවිඩ වලින් මුදල් දෙන්න කතා කළා. මගේ බැංකු ගිණුම් අංක ඉල්ලුවා. මට දෙන්න එහෙම ඒවා නෑ. මම කිවුවා කලබල වෙන්න එපා රටේ නායකයන් මොනවා හරී කරේ නැත්නම් අපි මුදල් එකතු කරමු කියලා. සීදුවේ කතෝලික තරුණයකු විහාරස්ථානයට ඇවිල්ලා සියලු මුදල් දෙන්න පොරොන්දු වුණ. මාධ්‍ය මගින් කළ අනාවරණය සමග ශ්‍රී ලංකා රජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවින්න, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, වජිර අබේවර්ධන, ගාමිණි ඡයවික්‍රම පෙරේරා යන මහත්වරු මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේම
ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු කිහිපදෙනෙක්ම ඊට හුඟක් උදවු කළා.
මම පිළිම වහන්සේලා මෙරටට වැඩමවූ සුසෑන් මහත්මියටත් අද හරිම සතුට දවසක් උනා. එතුමිය මීට පෙර රටින් බැහැරව යෑමට සූදානම්ව සිටියත් උත්සවය පවත්වලාම යනවා කියන අදිටනින් හිටියේ. මෙම
පිළිම වහන්සේලා බදු මුදල් අයනොකර ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීමට කටයුතු සිදුකළ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නය ආශිර් වාදය යනුවෙන් උන්වහන්සේ පැවසූහ.මෙහිදී අනුශාසනාවක් කළ සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල සාසනරතන හිමිපාණන් මෙම මිලියන ගණනක් වටිනා පිළිම

වහන්සේලා දුෂ්කර පන්සල්වල ස්වාමීන් වහන්සේලාට ලබාදීමට නියමිතව තිබුනේ පසුගිය වෙසක් පොහෝ දිනයේදිය. එහෙත් ලක්ෂ 32ක බදු මුදලක් අයකරපු නිසා එදින බෙදා දීමට නොහැකි වී ස්වාමින් වවන්සේලාට ආපසු හිස් අතින් පන්සලට යාමට සිදුවුණා. යම් යම් අවස්ථාවලදී මිත්‍යා දුෂ්ටික පනත් ගෙන ආ ඇතැම් ඇමැතිවරුන් නිසා තමයි මම කටයුත්ත මග හැරුම.එදා මිහිදු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමාට කීවේ ඔබ මේ රටේ පාලකයා නොවේ මේ රටේ ආරක්ෂකයා කියලා. අපි මේ රටේ පාලකයින්ට කියනවා ඔබතුමාලා  ඡනතාවගේ ඡන්දයන් ඒ ඒ තැන්වලට. පත්වූයේ මෙරට පාලනය කරන්න නොවේ.රට ආරක්ෂා කරන්න කියලා. මේ රටේ බටහිර ගැති ඊනියා මතවාද වපුරන්න හදන බලවේග වලට  මිථ්‍යා දෘෂ්ටිකයන්ට  අපි කියනවා නම් චීවරය  තිබෙනකන්  ඒක කරන්න බැහැ කියලා.මෙතනට පැමිණ සිටින මාධ්‍යවේදීන් නිසයි මෙම පිළිම නිදහස් කර ගැනීමට පුළුවන් වුණේ. නුඹලා කරන මේ මෙහෙවර බිය නැතිව කළ හොත් පමණයි මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment