ගිනිගත්හේනේ වෙළඳසල් 52ක් මරු කටේ - නාය යාම් අනතුරක්

ගිනිගත්හේනේ වෙළඳසල් 52ක් මරු කටේ - නාය යාම් අනතුරක්

ඒ අතර හැටන් ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යාමේ අවධානමක් හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන 52ක් ඉවත් කරගන්නා ලෙස ව්‍යාපාරිකයන් හට දැනුම් දී තිබේ.

2004 වසරේ සිට අවස්ථා කිහිපයකදීම මෙම වෙළඳසල් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබේ. මේ වනවිට වෙළඳසැල් ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ ලක්ෂණ මතු කරමින් ඉරිතලා ඇති ආකාරයක් දකින්නට ලැබේ.

ginigathhena 3

එහෙත් එම වෙළඳසල් වෙනුවට ගිනිගත්හේන බස්නැවතුම්පොලේ අළුතින් වෙළඳසල් ඉදිකර දෙන බවට අවස්ථා කිහිපයකදි රජයේ බලධාරින් තමන්ව දැනුවත් කළත් ඒ වෙනුවට මෙතෙක් වෙළඳසල් ඉදිකර නොමැති නිසා එම වෙළඳසල් ඉදි කර තමන්ට ලබාදෙන තෙක් තම ව්‍යාපාරික ස්ථාන හැර යාමට නොහැකි බව වෙළඳසල් හිමියෝ පවසති.

මේ අතර හැටන් වටවල දෙමළ විදුහලේ ආරක්ෂක වැට ඇතුළු ප්‍රදේශය නාය යාමකට ලක්ව තිබෙන අතර ඩයගම ආගරපතන ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ආගරපතන වතුයායේ නිවාස දෙකකට හානි සිදු වී තිබේ. මෙම නිවාස දෙකට හානි සිදුවිමත් සමග එම නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් දස දෙනකු එම වතුයායේ ළමා සුරකුම් මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගෙන ඇත.

ginigathhena 4

ginigathhena 1

එසේම පස් කඳු කඩා වැටිමෙන් හා නාය යාම් හේතුවෙන් අවහිර වි තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක්මං තීරුවකට සීමා කර තිබේ. ගිනිගත්හේන දියගල ප්‍රදේශය සහ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු හා ගල් පර්වත කඩා වැටීමෙන් මෙසේ මාර්ගය අවහිර වී තිබුණි.

එම්.සී.ඩී.මනුර - දික්ඔය

ginigathhena 2

ginigathhena 5

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment